Sunday, January 1, 2012

ඔබේ Gmail ගිණුම ඔබම හදාගන්න....

අන්තර් ජාලයෙන් ලිපි ගණුදෙනු කිරීමේදී අපිට ඊ-මේල් ගිණුමක් අවශ්‍යයි. ඒ වගේම විවිධ වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී ඒ ගොල්ලො අප​ගේ ඊ-මේල් ලිපිනය ඉල්ලනවා. ඉතින් ඔබට ඔබේම කියල ඊ-මේල් ලිපිනයක් අවශ්‍යයි. ගූගල් ආයතනය විසින් නොමිලේ ඊ-මේල් ගිණුම් හදාගැනීමේ අවස්ථාව අපට ලබාදී තිබෙනවා. ගූගල් ආයතනය විසින් ලබාදෙන සේවයක් නිසා මෙම ඊ-මේල් ගිණුම් වලට ජී-මේල් කියල කියනවා. එහෙනම් දැන් අපි ජී-මේල් එකක් හදන්න පටන් ගමු. ඒ සඳහා අපි ඒ සේවාව ලබාදෙන වෙබ් අඩවියට යා යුතුයි. ඒ සඳහා මෙතන හෝ පහත ලියුම් කවරය ක්ලික් කරන්න.එතකොට ඔයාට ලැබෙන වෙබ් පේජ් එකේ තියෙන මෙන්න මේ ෆෝම් එක නිවැරදිව ඉංග්‍රීසියෙන් පුරවන්න. විස්තර කිරීමේ පහසුවව තකා මෙහි රතු පාටින් අංක යොදා තිබෙනවා.

1-ඔයාගේ නමේ මුල් කොටස ටයිප් කරන්න.
2-ඔයාගේ නමේ අග කොටස ටයිප් නරන්න. (දිග නමක් නම් කො
ටස් දෙකකට කඩල ලියන්න.)
3-මෙම ස්ථානයේ ඔයාගේ ජීමේල් ලිපිනය සඳහා සුදුසු නමක් ලියන්න. ඔයාට කැමති නමක් ලියන්න පුළුවන්. හැබැයි අකුරු ගණන 6කට වඩා වැඩි සහ 30කට වඩා අඩු වෙන්න ඕනා. එහෙම ලියල 4 ස්ථානය ක්ලික් කරන්න. නමුත් ඔබ යොදන නම දැනටමත් වෙනත් අයෙකු විසින් භාවිතා කරනවා නම් එම නම ඔබට ලබාගන්න බැරි වෙනවා. ඒ බව කියල 4 ස්ථානයේ මැසේජ් එකක් ඔයාට එනවා. ඒ වගේම ඔයා යොදපු නමට ආසන්න වශයෙන් සමාන නමක් ඒ ගොල්ලො යෝජනා කරනවා. ඒක වැටෙන්නෙත් 4 ස්ථානයේමයි. බලන්න ඒ නම හොඳයිද කියල. ලස්සන නෑ වගේ කියල හිතෙනවා නම් වෙනත් නමක් 3 ස්ථානයේ ටයිප් කර 4 ස්ථානය ක්ලික් කරල බලන්න.
5-මුරපදය ටයිප් කරන්න. ඔබේ ගිණුමට ඇතුල් වීමේදී මේ මුරපදය අවශ්‍යයි. ඒක නිසා ඒක කොහේ හරි ලියල තියා ගන්න. ඒ වගේම කාටවත්ම දැනගන්න තියන්න එපා. ඒක රහසක් විදිහට තියාගන්න. ඒ වගේම මුරපදයක් ටයිප් කරන කොට අකුරු හා ඉලක්කම් දෙවර්ගයම ඇතුලත් වන සේ අකුරු 12ක් වත් අවමයෙන් භාවිතා කරන්න. එවිට කාටවත් ලේසියෙන් හිතාගන්න බැරි මුරපදයක් ​වෙනවා.
6-ඔබ කලින් 5 ස්ථානයේ යොදපු මුරපදයම මෙතනත් නිවැරදිව ටයිප් කරන්න.
7-ඔබ උපන් මාසය
8-ඔබ උපන් දිනය
9-ඔබ උපන් වර්ශය
10-ස්ත්‍රී/පුරුෂ භාවය
11-sms ලබාගතහැකි ඔබගේ ජංගම දුරකතන අංකය. මෙහිදී දුරකතන අංකයේ මුලට තියෙන බිංදුව අවශ්‍ය නෑ. ඒ වගේම දුරකතනය මේ මොහොතේ ඔබේ ළඟ තිබිය යුතුයි. (සමහර අවස්ථාවලදී ඊමේල් එකක් නිර්මාණය කළ බව තහවුරු කරන්න වෙනවා. එතකොට ඒ ගොල්ලො අපට රහස් අංකයක් sms මගින් අපේ ෆෝන් එකට එවනවා. එහෙම වුනොත් ඒ රහස් අංකය ඒ කියන තැන ටයිප් කරල OK කරන්න ඕනා.)
12-ඔයාගේ වෙනත් ඊමේල් ලිපිනයක් මෙහි ටයිප් කරන්න. එහෙම එකක් ඔයාට නැති නිසා යාලුවෙකුගේ ඊ-මේල් ලිපිනයක් ටයිප් කරන්න. ඒ වගේම ඒක ඇත්ත ඊමේල් ලිපිනයක් වෙන්නත් ඕනා.
13-උඩ කොටුවේ තියෙන අකුරු හෝ ඉලක්කම් නිවැරදිව මෙතන ටයිප් කරන්න.
14-ඔයාගේ රට ශ්‍රි ලංකා විදිහට තෝරන්න.
15-මෙතන තිබෙන පුංචි කොටුවට හරි ලකුණක් දාන්න.
16-මෙතන ක්ලික් කරල ඊළඟ පියවරට යන්න. එවිට පහත දැක්වෙන රූපයේ විදිහට කොටසක් ලැබෙයි.
එතන තියෙන්නේ, මේ රූපේ නම් මගේ නම. ඒ මම හදන මේල් එක නිසා. මෙතන 1 හා 2 එහි යොදපු ඔයාගේ සම්පූර්ණ නම තියෙන්න ඕනා.
17-ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ෆොටෝ එකක් මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන්, ඔයාගේ profile photo එක විදිහට. අවශ්‍ය නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. පස්සෙ දිනක කරන්නත් පුලුවන්. එහෙම කරනවා නම් 17 ස්ථානය ක්ලික් කරල පරිගණකයේ ඔයාගේ ෆොටෝ එක ​සේව් කරල තියෙන තැන සොයා​ගෙන ඒක ok කරන්න ඕනා. (අපි ඒක පස්සේ කරමු)
18-මෙතන ක්ලික් කරල ඊළඟ පියවරට යන්න. එතකොට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාට ලැබෙනවා. කියවල බලන්න මොකක්ද කියන්නේ කියල... ඒකට ඉතින් ඉංගිරීසි දැනං ඉන්න එපෑ. අපි දන්න ඉංගිරීසියක් නෑ, නේද.. කමක් නෑ. අපි ඒන නොකියවා ඉමු. දැන් ඊමේල් එක නිර්මාණය වි අවසානයි. ඔය රතුපාටින් මම කොටු කරල තියෙන්නේ ඊමේල් ලිපිනය තමයි. දැක්කද? එතන තියෙන්නේ මම හදපු ජීමේල් ලිපිනය. ඔයා හදන එකේ තියෙන්නේ ඔයාගේ ඊමේල් ලිපිනය. බලන්න හොඳට. මගේ ජීමේල් ලිපිනය ලස්සනයි කෙටියි නේද? මතක තබාගන්නත් පහසුයි. ඔයා​ගෙත් එහෙමද?
19-මෙතන ක්ලික් කරල ජීමේල් එකට යන්න. ගිහින් බලන්න මොනවද ඇතුලෙ තියෙන්නේ කියල. මේ තියෙන්නේ ම​ගේ මේල් එකේ ඇතුලතයි.
23-මේ තියෙන්නේ inbox එක. මේක ක්ලික් කරන්න ඕනා අපට ලැබුණු ඊමේල් බැලීම උදෙසා. දැන් මේක තමයි ක්ලික් කරල තියෙන්නේ. ඊමේල් 4ක්ම ලැබිල තියෙන්නේ.
22-කාට හරි ඊමේල් එකක් යවන්න ඕනනම් පළමුව මෙතන ක්ලික් කරන්න ඕනා.
20-මෙතන ක්ලික් කළාම තමයි ඔය යටින් තියෙන කොටුව මතුවෙන්නේ. ඔය කොටුවේ තියෙනවා Sign out කියන තැනක්. 21 ස්ථානය බලන්න. එතන ක්ලික් කළාම අපිට පුළුවන් ඊමේල් ගිණුමෙන් ඉවත් වෙන්න. ඊට පස්සේ නැවත ගිණුමට යන්න ඕන්නම් මුරපදය අවශ්‍යයි. ඉතින් හොඳින් මතක තබා ගන්න. තමන්ගේ මේල් එකට සයින් ඉන් වුනහම සයින් අවුට් වෙන්නත් ඕනා කියල මතක තබාගන්න. ඔයාගේ මුරපදය කව්රුහරි දැනගත්තොත් මොනවා වෙයි කියලද ඔයා හිතන්නේ? ඔයාට හිතෙන දේ මට ඊමේල් කරන්න.
21-මේතන ක්ලික් කරල ගිණුමෙන් ඉවත් වෙන්න.

දැන් අපි ජීමේල් ගිණුමක් හදල ඒකෙන් ඉවත් වුනා. ඒ කියන්නේ සයින් අවුට් වුනා. දැන් අපි බලමු කොහොමද මේ ගිණුමට නැවත ඇතුල්වෙන්නේ කියලා. ඒ කියන්නේ සයින් ඉන් වෙන්නේ කොහොමද කියලා බලමු.මේ සඳහා ඇඩ්‍රස්බාර් එකේ gmail.com කියල ටයිප් කර එන්ටර් කරන්න. එවිට ලැබෙන වෙබ් පේජ් එකේ මෙන්න මේ කොටස තියෙනවා. පහත පින්තූරය බලන්න.
24-මෙතන ඔයාගේ ජී-මේල් ලිපිනය නිවැරදිව ටයිප් කරන්න.
25-මෙතන එහි මුරපදය නිවැරදිව ටයිප් කර 26 ස්ථානය ක්ලික් කරන්න. එවිට ඔබ කෙලින්ම ගමන් කරනවා ඔබේ ජීමේල් එක තුලට.
27-ඔයාට තවත් ජී-මේල් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.
මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මට කතා කරල දැනගන්න පුළුවන්. මෙන්න මගේ මොබයිල් එක >>>0783946262

11 comments: